"අල්තීනායි, උඹට අඩියක්වත් මා වෙතින් හෙලවෙන්ට ඉඩ හරින්නේ නෑ. ඒ වුනාට එහෙම කරන්ට මට අයිතියක් නෑ. තේරුණාද? මම එතරම් උගතෙක් නෙවි. නගරයට යන එක හොදයි..... උඹ සමහර විට නියම ගුරුවරියක් වෙන්ට පුලුවන්. එදාට අපේ ඉස්කෝලෙ අමතක කරන්ට එපා. උඹ හිනාවේවි.... උඹ යන එක හොදයි..... බොහොම හොදයි...."
කදුකරය අතරින්හඩ නගමින් දුව එන දුම්රියේ විදුලි එළිය දුටිමි. දුම්රිය පොලේ මිනිස්සු කලබල වූහ.
" උඹ දැන් නගරයට යනවා" යැයි මට අත ටත දුන් දුයිෂෙන් දුක්මුසු ස්වරයකින් පැවසීය. "අල්තීනායි, උඹට වාසනාව උදාවේවා. ප්‍රධාන කාරිය ඉගෙන ගන්න එකයි......
දෑසින් වැගිරෙන කදුලු මගේ උගුර සිරකළෙන් මට පිළිතුරු දීගත නොහැකි විය.
"අඩන්ට එපා. අල්තීනායි." දුයිෂෙන් මගේ කදුලු පිස දැමුවේය. "අපි දෙන්නා හිටවපු අර ප්‍රොප්ලර් ගස් දෙක මම බලාගන්නම් " යැයි හිටිහැටියේ දුයිෂෙන් කීය. "උඹ ලොකු උගත් ගෑනියෙක් වෙලා ගමට එනකොට ඒ ගස් ලස්සනට වැඩ්ලා තියේවි."
ඒ අතර දුම්රිය , ශබ්ද කරමින් හා දුම් ගුලි පිට කැරැමින් පදික වේදිකාවට ළංවිය.
"අපි ආයුබෝවන් කියා ගනිමු" යී කී දුයිෂෙන් මගෙ නළල සිපගත්තේය. "නුඹට අතුරු අන්තරාවක් නැතිව ඉගෙනගැනීමට ඉඩ ලැබේවා ..... බයවෙන්ට එපා . කෙල්ලෙ.... හිතට දහිරිය අරගනිං.......
මම දුමිරියේ පාපුවරුවට පැන හැරී බැලුවෙමි. තුවාල වූ අත වෙලා බැදගෙන සිටි දුයිෂෙන්ගේ මලානික ඇස් මා දෙනෙතට හමුවිය. ඔහු එදා මා දෙස බලා සිටි හැටි මට කිසිදිනෙක අමතක නොවේ. මා ඇල්ලීමට මෙන් පසුව ඔහු අත දිගු කරත්ම, දුම්රිය සිය ගමන ඇරඹිය.
"ආයුබෝවන්. අල්තීනායි, ආයුබෝවන්, රත්තරං කෙල්ලේ!"
"ආයුබෝවන්, ගුරුතුමාණෙනි! දයාබර ගුරුතුමාණෙනි, ආයුබෝවන්!"
දුයිෂෙන් දුම්රිය මැදිරිය අසලින් අඩි කීපයක් දිව්වේය. පසුව නැවතී මහ හඩින් කෑගැසීය.
"අල්-තීනා-යි!"
ඔහු කෑගැසුවේ හරියට අමතක වූ වැදගත් යමක් කියන්ට සූදානම්වූ නමුදු එසේ කීමට වේලාවක් නැතිව ගියාක් මෙනි..... මගෙ හදවතෙහි පතුල දක්වා සහ අධ්‍යාත්මයෙහි ගැඹුර දක්වා ගිය ඔහුගේ හඩ තවමත් එහිම සුරැකිව පවතී....
උමං ගෙයක් හරහා වේගයෙන් දුවගිය දුම්රිය ඉක්මනින් කසාක් සමබ්මට වැදුනේ මා නව දිවියක් කරා ගෙනයමිනි.
ගුරුවරයාට සහ මගේ පළමුවැනි පාසලටද ආයුබෝවන් ,
ළමා කාලයට සහ එළිපිට නොකී ආලයට ආයුබෝවන්...
- ගුරු ගීතය -
coppied from Anusha Illanganthilake's post on Facebook


